
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ 28 වන සමුළුවට (CSPOC) සහභාගී වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.
ජනවාරි 14 සිට 18 දක්වා මෙම සමුළුව පැවැත්වේ.
ඉන්දීය ලෝක් සභා කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට, අර්ධ ස්වයං පාලන පාර්ලිමේන්තු හතරක නියෝජිතයෝ ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 42 ක කථානායකවරු සහ මුලසුන හොබවන නිලධාරීහු 61 දෙනෙක් සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd