සිසුවා දිය රකුසාට බිලි


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  පානම පොලිස් වසමේ පානකල මුහුදු තීරයේ දියනෑමට ගිය  15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසිය  කියයි.

ගම්පහ ගනේමුල්ල සිට සංචාරයක් පැමිණි අවස්ථාවේදි මෙම අනතුරට ලක්ව  තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබේ.