(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්නාහි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී හෘදයාබාදයකට ලක්වීමෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති අතර චෙන්නායි රෝහලේ දින 16 ක කාලයක් ප්‍රතිකාර ලැබ සිටින බවද වාර්තාවේ.

