සිප්පි කටු දහයියා කරන්න බැරිවේ


( ගල්ගමුව නිහාල් ජයවීර )

නීති විරෝධී ලෙස සිප්පි කටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් හා සැකකරුවන් තිදෙනකු අද  (25) පෙරවරුවේ ගල්ගමුව නගරයේ දී  අත් අඩංගුවට ගත් බව ගල්ගමුව පොලීසිය කියයි .

ත්‍රිකුණාමලය ,කින්නියා ප්‍රදේශයේ සිට - නිකවැරටිය ,රස්නායකපුර ප්‍රදේශයට මේ සිප්පි කටු තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය කියයි .

මුහුදු සිප්පි කටු කිලෝ 8000ක් පමණ ලොරි රථයේ තිබි අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි ලොරි රථයේ තට්ටුව යට කොටසෙහි සිප්පි කටු සහිත උර ගබඩා කොට ඊට උඩින් දහයියා පිරවු උර අසුරා තබා මෙසේ රැගෙන යමින් තිබු බව ගල්ගමුව පොලීසිය කියයි .

සිප්පි කටු ප්‍රවාහනයට බලපත්‍ර ලබා ගත යුතු බවත් ,එසේ නිත්‍යානුකූලව බලපත්‍ර ලබා නොගෙන දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් මේ සිප්පි කටු තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය කියයි .