සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ජ්‍යෙෂ්ඨ, ගෞරවනණීය සාමාජිකයකු ලෙස නම් කරනු ලැබ සිටී.
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය 2004 වසරේ දී ස්වාධීන පර්යේෂණ ආයතනයක් ලෙස දකුණු ආසියානු අධ්‍යයන ආයතනය ස්ථාපිත කරන ලද අතර එහි ආරම්භය සමග දකුණු ආසියාවේ දියුණුවන ආර්ථික හා දේශපාලන වැදගත්කම සහ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර ශක්තිමත් ඓතිහාසික සබඳතා ගවේශනයෙහි කාලීනභාවය පිළිබිඹු කරයි.
මිලින්ද මොරගොඩ මහතා හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ ද සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර එක්සත් ජාතීන් ගේ සංවිධානය පත් කළ දිළිඳු ජනතාව නෛතිකව බලගැන්වීමේ අන්තර් ජාතික කොමිසමේ ද සාමාජිකත්වය ඉසිලීය.
ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන අවස්ථාවේ දී එහි උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කළ මොරගොඩ මහතා 1999 සහ 2005 වසරවල ජිනීවා නුවර පැවැති ලෝක ආර්ථික සංසද සමුළුවාරවල දී අනාගත ලෝක නායකයකු වශයෙන් ද නම් කරනු ලැබීය.

