සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය මීඔය ප්‍රදේශයෙ 50 හැවිරිදි තිදරු මවක් වන ජයසිංහ මුදියන්සේගෙ ලාලනි නැමති කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වි සිටි මෙම තිදරු මව මැදපෙරදිග ගෘහ සේවයට ගොස් මාසයකට පෙර ලංකාවට පැමින ඇති බවත් එහිදි වැඩිමහල් දියණිය සමග ඇගේ නිවසේ වාසය කරමින් සිට ඇති බවත් කියයි.

එහිදි අවස්ථා කිපයක් දියණියගේ නිවසට පැමිනි සැමියා තමන් සමග වාසයට නිවසට පැමිණේන ලෙස දන්වා ඇතත් ඔහු නිරන්තරයෙන් දැඩි ලෙස මත්පැන් පානයටත් අඩ දබර කර ගැනිම සිදුවන නිසා එහි යාම ප්‍රතික්‍ෂේප කර ඇති බව කියයි.

කෙසේ වෙතත්  ඊයේ (8 )  දියණියගේ නිවසට කඩා වැදුන මෙම සැකකරු පොරෝවක් ගෙන බිරිද පසුපස එලවමින් එයින් පහර දී ඇති බවත් මව බේරා ගැනිමට පැමිනි 30 හැවිරිදි  දියණියට ද පොරෝවෙන් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව කියයි.