IMG-LOGO

අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී

(සමන් පාලිත නානායක්කාර)

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.

එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම් සෙල්වරාජ්, අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. ශ්‍රී ලංකා යුධ හමුදාව මෙහි ඉදිකිරීම් දායකත්වය දරයි.



අදහස් (0)

අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site