සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට





( පාලිත ආරියවංශ )
 
බදුල්ල, පස්සර පාරේ 3 කණුව ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකු පිහියකින් කපා  කොටා ඝාතනය  කළ බවට සැක පිට  ඔහුගේ බිරිඳ අද (26)  අත්අඩංගුවට ගත් බව  බදුල්ල පොලීසිය පවසයි.

   පෙරදින (25) රාත්‍රීයේදී මෙය සිදුවී  ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 මෙසේ ඝාතනය වී ඇත්තේ විශ්‍රාමික ලංගම සේවකයෙක්වූ ඩබ්ලිව්.එම්. මහින්ද  නැමැති  65 හැවිරිදි අයෙකි.

මිය ගිය පුද්ගලයගේ බිරිය කලබලයෙන් නිවසින් පිටව යනු දුටු අසල්වැසියෙක් නිවසට ගොස්  බැලීමේදී  බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටී මෙම පුද්ගලයා සිටිනු දැක,  සුව සැරිය ගිලන් රථයකට දැනුම් දී  රෝහල් ගත කර ඇතැයි  ද අනතුරුව   ඔහු මරණයට පත්ව  ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

මෙම යුවළට දරුවන් නොමැති අතර ඔවුන් දෙදෙනා  පමණක්  මෙම නිවසේ ජීවත්ඇති බවද විමර්ශන වලදි අනාරවණ වී තිබේ.


  සැකකාර බිරිඳ නිවසට කිලෝමීටර් 4 පමණ දුරින්  පිහිටි වේවැස්ස මාර්ගයේ තනිවම ඇවිද යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඇගේ ගෙලෙහිද  කැපුම් තුවාල  තිබීම හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබේ.