සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි


(අනීෂා මානගේ)

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු  පැන යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි තංගල්ල සහකාර පොලිස් අධිකාරී 1 සනත් අමරසිංහ මහතා පවසයි.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිර මැදිරියෙහි රඳවා සිටියදී සැකකරු අත්අඩංගුවෙන් මිදී ඊයේ (7) දහවල් පැන ගොස් තිබිණි.

සැකකරු සිර මැදිරියෙන් පැන ගිය අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීය.