
සුනාමි ව්‍යසනයට වසර විසි එකක් සපිරීම නිමිත්තෙන් සහ ජාතික සුරක්ෂිත දිනය නිමිත්තෙන් සුනාමියෙන් මිය ගිය පිරිස් අනුමරණය කිරීම සඳහා අද (26) දිවයිනේ බොහෝ තැන්හි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
එහි ජාතික උත්සවය අද පෙරවරුවේදී තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධයස්ථානය සංවිධනය කළ මේ සුනාමි අනුස්මරණය සදහා සුනාමියෙන් මිය ගිය රට වටේම් පිරිස්හි ඥාතීන් ,හිතවතුන් මෙන්ම සුනාමි වයසනයට හසුව ජීවිත විනාශවූ දුම්රියේ දුම්රිය එන්ජිම සහිත දුම්රිය සුනාමි ද එම වේලාවට පැමිණීම විශේෂයෙන්ම කැපී පෙනිණ.
ආපදා කළමණා මධයස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් විශාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ සම්බන්ධිකරණයෙන් අද(26) පෙරවරු 8ට මෙම සුනාමි අනුස්මරණ උත්සවය ආරම්භ කෙරිණ.

ජාතික උත්සවය තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අභියස (එම්.සුසිල් පියන්ත)

හැටන් දික්ඔය , නගර සභාවේ ලේකම්වරිය ඇතුලු සේවකයින්, හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශාවාසීන් එක්ව මියගිය අය සිහි කර පිං අනුමෝදන් කරමින් පහන් දැල්වූ අයුරු .(රංජිත් රාජපක්ෂ)

සුනාමියෙන් මියගොස් මිහිදන් කළ නොහැකිව ගොඩ ගැසී තිබූ මළ සිරුරු 1800 ක පමණ ප්‍රමාණයක් මිහිදන් කළ අක්මීමන කුරුඳුවත්ත සමූහ මිනී වළ අසල සුනාමි සැමරුම( සිරංගිකා ලොකුකරවිට)

සුනාමි ව්‍යවසනයෙන් මියගිය අය සිහිපත් කරමින් බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුළු කාර්‍ය මංඩලය නිහඩතාවයක නිරතව ( ප්‍රසාද් රුක්මල්)

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි(මොහොමඩ් ආසික්)

කල්මුණෙ 01/ඩී ප්‍රදේශයේ සහ කාර්තිව් 04 වෙරළ තීරයේ ඉඳිකර ඇති සුනාමි ස්මාරක අසල පහන් දල්වා ආගමික වතාවන් සිදු කෙරුණු අයුරු (ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැන තැන සුනාමි සැමරුම්