සාදයකදී රෝගී වු තරුණයෙක්-තරුණියක් රෝහලට


(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය කියයි.

එම තරුණිය සහ තරුණයා අද (17) අලුයම් කාලයේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත්තේ ශ්වසනාබාධයක් හේතුවෙන් බව පවසන පොලිසිය දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය 23 හැවිරිදි වියේත් තරුණයා 25 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.

වත්තේගම පොලීසියෙන් මේ සම්බන්ධයෙන් කළවිමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ ඔවුන් ගත් යම් පානයක්  විස වී ඇති  බවට සැක කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ඔවුන්ගේ රෝගී තත්වය බරපතලතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.