සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට


(සම්පත් ප්‍රියනන්දන)

සාමාන්‍ය පෙළ විභාගයට  පෙනි  සිටින  බලන්ගොඩ  මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේදි ක්ලාන්තය තත්ත්වයක් ඇති වී ඇඳ වැටි අද (06)දා උදැසන මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ  මාරතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි  17ත් හැවිරිදි  හරනාත්  රංජිත් කුමාර නැමති  පිරිමි  දරැවෙකු බව  පොලිසිය පැවැසිය.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පින්නවල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.