ස්විට්සර්ලන්ත ජාතිකයා නිවස තුළම මියයයි


(ඩි.ජි.සුගතපාල)

දොඩන්දුව පටුවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ස්විට්සර්ලන්ත ජාතිකයකු වන 78 හැවිරිදි හැන්ස් දේව් වැග්ලි  ( Hans Dev Wageli) ඔහු නැවතී සිටි නිවසතුළම  මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයා දිගු කලක සිට ලංකාවේ පදිංචිව සිටින අයකු වන අතර අද ඔහු නිවසතුලම මියගොස් සිටියදි නිවසේ සේවකයකු විසින් පොලිසියට දැන්විමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදී.