(සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
එම එන්නත් තොග ලැබුණු වහාම එන්නත් කරන වැඩපිළිවෙළේ දෙවැනි අදියර අරඹන බව ද ඔහු කීය .
මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොපාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ඉදිරි සති දෙකේදී අනුමත කරනු ඇති බවත් එසේ අනුමත කළ වහාම එම එන්නත ද මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජයසුමන මහතා පැවසුවේය .
සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනට මෙරට ට ලැබී ඇති බවත් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට එම එන්නත ලබාදී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය .
රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම තත්ත්වය පාලනය සඳහා සියලු සම්පත් යොදවා තිබෙන බවද ප්‍රකාශ කළේය .
රජයේ එම වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය

