සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා


(සුමිත් පොතුපිටිය)

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බව සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරීවරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.