සල්ලි දෙනවද? නැද්ද? එක වචනෙකින් උත්තර දෙන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා අග්‍රාමාත්‍යවරයා  එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද විමසීය.

 2023 අයවැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බව විපක්ෂනායකවරයා කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:-

 මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා.ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.අපි ඒ තීරණ වල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා.අධිකරණයේ පවතින කරුණු ගැන කතා කරන්නේ නෑ.අපි නෙවෙයි නේ උසාවි ගියේ.