(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු මිතුරකු සමග අදාල වත්තට ඇතුළු වී සරුංගල් යවා තිබෙන බව කියති.
ඒ සමගම මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා හෙමින් සීරුවේ නිවසට ගොස් ඇත.
පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත රෑගෙනවිත් ඇතුලත් කර තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.
කෙසේ වෙතත් පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.