සරත් 22ට ඡන්දය නොදුන් හේතුව කියයි


 

(සුජිත් හේවාජුලිගේ )

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදුන් තමාට දහනවයේ වගන්ති ගණනාවක්  ඇතුළත්  විසි දෙවෙනි  සංශෝධනයට කොන්ද කෙළින් තබාගෙන  ඡන්දය දෙන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් ලබා දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.