සරණ වැලිකඩට


(යොහාන් භාසුර)

කොළඹ මහාධිකරණය වසර 16 ක බරතපල වැඩ සහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා අද (9) පස්වරුවේ පැවසීය.

සරණ ගුණවර්ධන මහතා සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බව කී ගජනායක මහතා ඒ මහතා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද සඳහන් කළේය.

සරණ ගුණවර්ධන මහතාට නඩු හතරකට වසර 4 බැගින් බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා අද (9) පෙරවරුවේ නියම කළේය.