
(සුමිත් පොතුපිටිය)
සමුද්‍රදේවී දුම්රිය අද උදෑසන කළුතර උතුර ප්‍රදේශයේදී එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති බව කළුතර දුම්රිය බළධාරියෙක් සදහන් කලේය.
කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් ගැලවී කිලෝමීටරයකට ආසන්න දුරක් ධාවනයවී නතර කර ඇතැයි සදහන් වේ.
එන්ජිම නැවත පසුපසට ගෙන එක්සල් කොට විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාදවී නැවත මරදාන බලා ධාවනයවූ බව සදහන් වේ.

