සභාපතිගේ තීරක ඡන්දයෙන් පානදුර අයවැය සම්මතයි


(සුමිත් පොතුපිටිය)

පානදුර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා  ඉදිරිපත් කළ අයවැය සමවී සභාපති වරයාගේ තීරක ඡන්දය ලබාදීමෙන් පසු සභා සම්මත විය.

සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති ධර්මසිරි පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

එය සම්මත කරගැනීමට පෙර ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය එජාප මන්ත්‍රීනී චන්ද්‍රලතා ප්‍රනාන්දු මන්ත්‍රී වරිය ස්ථිර කරන ලදී

පසුව ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 23 ක් ද , විරුද්ධව ඡ්න්ද 23 ක් ද ප්‍රකාශ කරන ලදී.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 22 ක් සහ ස්වාධීන මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , ඡන්ද සමවීමෙන් පසු සභාපති වරයා ගේ තීරක ඡන්දය පක්ෂව ලබාදීමෙන් අනතුරුව අයවැය සම්මත විය.

පානදුර ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රී වරුන් ගණන 46 ක් වන අතර, මන්ත්‍රී වරුන් 22 ක් ජාතික ජන බලවේගය නියෝජනය කරති.