සභා සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ දෙකක් මාට්ටු


(සුමිත් පොතුපිටිය)

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 වියේ සහ සැකකාර රියදුරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 54 වියේ පසුවන අයෙකු බව පොලිසිය කීය.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතා විසින් කළ  පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.