සබරගමුව හිටපු ආණ්ඩුකාරගෙ ඉන්ධන දීමනාව ලේකම්වරිය අරන්


 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සබරගමුව  හිටපු පළාත් ආණ්ඩුකාරවරයා  දිවයිනෙන් බැහැරව සිටි කලයෙදී   (2022  වර්ෂයේදී) පෞද්ගලික  ලේකම්වරිය  ඔහුගේ ඉන්ධන දීමනාවවූ     රුපියල්  725,000 ක මුදලක් වංචනිකව  ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම මුදල් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අය කරගන්නා ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ආණ්ඩුකාරවරයා කෝපා කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර ඇත.