(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් නොමැති වීම නිසා පසුගිය මාර්තු මස 21 වැනිදා වසා දැමූ අතර එම කාලය තුළ බොරතෙල් නොලැබීමෙන් අඛණ්ඩව මාස දෙකක් වසා තිබුණි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම නිසා පසුගිය වසරේ අග භාගයේ සිට මේ දක්වා තුන් වරක් වසා දැමීය.