සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු 3ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ජංගම දුරකථන 420ක්, විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්පත් 17400ත්, අන්තර්ජාල සබඳතා ලබාගත හැකි උපාංග(රවුටර්) 60ක් සහ උපකරණ රැසක් මොවුන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැදවා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.