(නාලක සංජීව දහනායක )
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (24) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පෙරවරු 8.30 ට කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත අතර ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
මෙහිදී පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල හා ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති, ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.