(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
අභාවය ගැන පවුලේ සාමාජිකයන්ට සංවේගය පළ කරන බවද කතානායකවරයා කීවේය.
සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා විවාදය ඉදිරි දිනකදී පවත්වන බවද අබේවර්ධන මහතා පැවසීය

