(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් අතර විශේෂ හමුවක් හෙට (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ දී මෙම හමුව සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් එහිදී නිල වශයෙන් ආරාධනා කර සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සියලූම පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවේදී ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ සහ පවතින ගැටලූ සම්බනධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිත බවත් හේෂා විතානගේ මහතා පැවසීය.

