
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලින් අධිකරණයට අපහාස වී ඇති බවත් , එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ට නඩු පවරන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 අද (02) අගවිනිසුරුට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ද විපක්ෂ නායකවරයා ප්‍රධාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර නු ලැබූහ.
2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමය, ස්වාධිපත්‍ය බලය, ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ
ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ.
එසේම එම කොමිසමේ සභාපති හා සාමාජිකයන් ලෙස කටයුතු කළ තිදෙනා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන්නැයි ද සිය පැමිණිල්ලෙන් සමගි ජනබලවේගයේ නායක සහ මන්ත්‍රීවරුන් අගවිනිසුරු ගෙන් ඉල්ලා සිටී.

