
(සුමිත් පොතුපිටිය )
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වාහන අමතර කොටස් සමාගමක් තුළ සූක්ෂමව සඟවා තිබු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය රටබීම තොගයක් සමඟ එහි කළමණකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.වාහන අමතර කොටස් අලෙවි කරන අතරතුර රටබීම තොග වශයෙන් සගවා ඇති බවට
ලද තොරතුරක් මත, දෙල්කද පිහීටි වාහන අමතර කොටස් ආයතනය වටලා මත්පැන් තොගය සොයාගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රටබීම තොග වශයෙන් සගවා තබා කොල්ලුපිටිය පිහිටි රාත්‍රී සමාජ ශාලා දෙකකට තොග වශයෙන් රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි.

