සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58යි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුවේ සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58ක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අතීතය විසින් අපට උරුම කරන ලද සමාජ ආර්ථික තත්ත්වයන් යටතේ අප මේ සමාජය ගොඩ නගනවා.වසරක් තුළ අප ඉතා හොඳ ප්‍රගතිශීලී ශක්තිමත් ගමනක් පැමිණ තිබෙනවා.ඒ ගමනේ තවත් ඉදිරි පියවරක් තැබීම සඳහා අප මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා.විපක්ෂ මන්ත්‍රීවරුන් කතා කරන්නේ අයවැය කියවන්නෙත් නැතුව.එහෙම නැතුව චේතිය ගණයේ බොරු කියන්න එපා.2025 වසරේ වෙන් කළ මුදල් ආපහු හැරී යන බවත් සංවර්ධනය බින්දුව බවත් චෝදනා කෙරුණා.

ඒකත් තක්කඩි බොරුවක්.අප වෙන්කර තිබූ බිලියන එක්දහස් ගණනින් බිලියන 591 ක් අප වැය කර තිබෙනවා.අපේ සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58යි.ඔහොමත් සංවර්ධන ව්‍යාපෘති අවසන් වන්නේ අවසන් මාස කීපයේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.