සංවර්ධන නිලධාරියා අල්ලස් දැලේ


(ගයාන් සූරියආරච්චි)

තුරුක්කනාමඩු  ප්‍රදේශයේ කුඹුරු ඉඩමකට  වගා හානි වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සංවර්ධන නිලධාරියෙක් අද  (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකි.