(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
එම ඝාතනය සිදුවූ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයන්, බන්ධනාගාර නිලධාරීන්, ඉදිරිපස ආරක්ෂාවට සිටි පුද්ගලයන්ගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.
මේවන විට එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
නීතිඥවරියක ලෙස පෙනී සිටිමින් එම ඝාතනයට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර මතුගම, කළුතර, මාතර, ඌරුබොක්ක ඇතුළු ප්‍රදේශ රැසක පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.