සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියගේ මව සහෝදරයා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  ඝාතනයට   නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි.

වයස අවුරුදු 23 සහ 48 පසු වන  ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.