(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගිනි අවිය සැපයූ කාන්තාව ඝාතනයට පෙර දින (18) කඩුවෙල වැලිවිට හෝටලයට නවාතැන් ගැනීම සඳහා පැමිණෙන අයුරු සී.සී. ටී.වී කැමරාවක සටහන්ව තිබුණි.
එම හෝටලය වෙත ඝාතනයට පෙර දින එනම් (18) පස්වරුවේ මෝටර් රථයකින් පැමිණෙන ඔවුන් විදේශ රටක සිට පැමිණි බවත් පසුදින මහරගම ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබෙන බව හෝටලයේ කළමනාකාරීත්වයට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එදින ම රාත්‍රී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු හෝටලය ඉදිරිපිටට පැමිණ කාන්තාවට බෑගයක් ලබා දෙන බවත් එම බෑගයේ සංජීවට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සඟවා තිබූ අපරාධ නඩු විධාන සංග්‍රහයට අයත් ග්‍රන්ථය තිබෙන්නට ඇති බව සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පසුදින හෝටලයේ සිට මංගල සාදයකට සහභාගී වන ලෙස වෙඩික්කරු කළු පාට හෝ කෝට් එකකින් සැරසී මේ වන විට අතුරුදහන් සැකකාරිය කළුපාට සාරි ජැකට් එකක් සහසාරියකින් සැරසී සිටියදී ගම්පහ මල්වතු හිරිපිටිය වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකින් හෝටලයේ ඉදිරිපිටට ආ සුඛෝභෝගි මෝටර් රථකින් අලුත් කඩේ අධිකරණ සංකීර්ණය වෙත ගමන් කර සිය ඉලක්කය සපුරා ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.