
(නිමල කොඩිතුවක්කු)
සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවුවන් සදහා ගැටලුවකින් තොරව ඉන්ධන, ගෑස් ලබාදිමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මෙයට අමතරව සංචාරක කළාප වල විදුලිය කප්පාදුවෙන් නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.
ඉන්ධන, ගෑස් හා විදුලිබල අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් සංචාරක අමාත්‍ය කැදවා තිබු සාකච්ඡාවක දි ඔහු මේ බව පැවසිය.
දැනට සංචාරකයන් ප්‍රවාහනය කෙරෙන බස්රථ සදහා සංචාරක කළාප ආශ්‍රීත ඩිපෝ මගින් පමණක් ඩීසල් ලබාදීම සිදුවන අතර එය තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා පිහිටි හදුනාගත් ලංගම ඩිපෝ මගින් සංචාරක බස්රථ වලට ඩීසල් ලබාදීමට ද තීරණය කෙරිණ.
විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවල දි සංචාරක හෝටල් වල කටයුතු පවත්වාගෙන යාම සදහා ඇති විදුලි ජනන යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන ද මෙම ඩිපෝ මගින් ලබාදිමට ද පියවර ගැනේ.
සංචාරක බස්රථ හා ජෙනරේටර් සදහා ඉන්ධන ඩිපෝ මගින් ලබාදීම සදහා විශේෂ හදුනාගැනීමේ කාඩිපතක් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කිරිමට ද මෙහි දි තීරණය කෙරිණ.

