ෂාරුක්ට අකරතැබ්බක්


බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම 'කිංග්' චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය.

ඉන්දියාවේ මුම්බායි නුවර ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ මෙම රූගත කිරීම් සිදුවුණු අතර එහිදී ෂාරුක් අනතුරට ලක් විය. ෂාරුක්ගේ මාංශපේෂීන් ඉරී යෑමක් සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ෂාරුක් ඇමෙරිකා බලා ගිය බව ද පැවැසෙයි. ඉදිරි මාස කීපයේ ෂාරුක් විවේකීයව සිටිනු ඇති බවත්, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යළි රූගත කිරීම් සඳහා යොමු වනු ඇති බවත් පැවැසෙයි.