
(විමුක්ති එස් රුද්‍රිගු)
අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබිණ.එහිදී ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ සිසුන් 1200 කින් තෝරා ගත් 396 දෙනෙකු සඳහා අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව පිරිනැමිණ.
මෙම උත්සවය සංවිධානය කිරීමේදී පමණක් නොව සමස්ථ වැඩසටහනේදී ෂයිස්ටා සොහයිල් මහත්මිය ප්‍රධානත්වයෙන් යුත් පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභා කණ්ඩායම දැරූ උත්සාහය පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් මහතා අගය කළ බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.



