ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම අද ඇරඹේ


 

(යොහාන් භාසුර)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද (31) ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක පමණ කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

පසුගිය වසරට (2021) නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 23 වැනිදා පැවැති අතර එම විභාගයට අපේක්‍ෂකයෝ 340,508 ක් සහභාගි වූහ.