(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් ඇතුළත අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රීලනිප මූලස්ථානය තමාට විරුද්ධව වැඩකරන ප්‍රධාන තැන බවට පත්ව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බව සඳහන් කර තිබේ.
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.