
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශිෂ්ට සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිව තිබේ.
මාලදිවයින් සංචාරක කර්මාන්තයේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති රන් සම්මානය ද, හයවැනි දකුණු අසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘සංචාරකයන් වඩාත් ප්‍රියකරන ගුවන් සේවය’ ලෙස ද, ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මාන ලැබීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම සම්මාන ලබාගත්තේය.


