(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ජී. එස්. විතානගේ මහතා පත් කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් ඊයේ (13)වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇත.
ජී. එස්. විතානගේ මහතා එම තනතුරට අමතරව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත් කළ බව ඊයේ මාධ්‍ය වාර්තා පළ වුවද එය යළි මෙලෙස වෙනස් වී තිබේ.

