(විමුක්ති එස් රුද්‍රිගූ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා නව වේදිකාවක් ජපානය, ඉන්දියාවේ සහ ප්‍රංශයේ සහයෝගිත්වය ඇතිව ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත් කරන ලදි.
මේ යටතේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.
චීනය ඇතුළු ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ට මෙයට සම්බන්ධ වන ලෙස දැනටමත් ආරාධනා කර ඇති බවත් පළමු වටයේ සාකච්ඡාව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ජපානය ප්‍රකාශ කර තිබේ.
වොෂින්ටන් හි දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව ඊයේ(13) පැවැත්විණ.
මෙම මාධ්‍ය හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සියලුම ණය හිමියන් සහ අනෙකුත් පාර්ෂව කරුවන් සමග විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට කැපවී සිටින බවයි.

