ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි


 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් රු. 15.00 බැගින් වූ මුද්දර සතරක් මෙහිදී නිකුත් කෙරේ.

මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් අගමික කටයුතු අමාත්‍ය  අබ්දුල් හලීම්, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

පාලිත ගුණසිංහ මහතා විසින් මුද්දරවල සිතුවම් නිමවා ඇති අතර මුල්දින කවරයේ නිර්මාණ ඉසුරු චතුරංගගෙනි.

(ඡායාරූප - ගයාන් ලසන්ත)