ශ්‍රී ලංකාවට දකුණු කොරියාවත් අත දෙයි


(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (16) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.