(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ.
ලාහෝර්හිදී අද පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 2 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් පාකිස්තනය සහ ඉන්දියාව ද, ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බග්ලාදේශය ද, ‘සුපිරි හතර’ වටයේ තරග කරන අතර එම වටයේ පළමු තරගය පාකිස්තනය සහ බංග්ලාදේශය අතර හෙට (6) ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලු 8 ට 291
(පැතුම් නිස්සංක 41, දිමුත් කරුණාරත්න 32, කුසල් මෙන්ඩිස් 92, චරිත් අසලංක 36, දුනිත් වෙල්ලාලගේ නොදැවී 33, මහිෂ් තීක්ෂණ 28, ගුල්බඩීන් නයිබ් 60/4)
ඇෆගනිස්තානු පිල ඕවර 37.4 කදී කඩුලු සියලු දෙනා දැවී 289
(ගුල්බඩීන් නයිබ් 22, රමාට් ෂා 45, මොහොමඩ් නබී 65, කරීම් ජනාට් 22, නජිබුල්ලා ශද්‍රාන් 27, රෂීඩ් ඛාන් නොදැවී 27, කසුන් රාජිත 79/4, දුලිත් වෙල්ලාලගේ 36/2, ධනංජය ද සිල්වා 12/2)

