ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ පොර්ට් එළිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
අද තරගය සඳහා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමට නැවතත් කැඳවා තිබෙන අතර කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකා එක්දින වර්ණ දිනාගත්තේය.

