(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී ලකුණු 255 කට සීමාවිය.
බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.12 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 256 ක් රැස්කළ යුතුය.
ජනිත් ලියනගේ පන්දු 69 කින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.
නායක කුසල් මෙන්ඩිස් පන්දු 75 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 255 (පැතුම් නිස්සංක 36, අවිෂ්ක ප්‍රනාන්දු 33, කුසල් මෙන්ඩිස් 59, චරිත් අසලංක 18, ජනිත් ලියනගේ 61, ටන්ෂිම් හසන් සකීබ් 44/3, ටස්කින් අහමඩ් 60/23, ෂොරිෆුල් ස්ලාම් 51/3)

