(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි
මෙවැනි භාණ්ඩ මෙරට තුළ අලෙවි කිරිමට කිසිසේත්ම ඉඩ තියන්නේ නැතැයිද අලගියවන්න මහතා කියයි.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම ඇමරිකානු සමාගමක වෙඩි අඩවියේ මෙසේ මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබේ.
එහි ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නාවක් ඩෝලර් 12කට මිල කර ඇති අතර එය මෙරටට ගෙන්වා ගැනීම සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 9ක මුදලක් අය කරන බවද, ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමෙරිකානු ඩොලර් 20කට මිල කර ඇති අතර ඒ සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 10ක මුදලක් සටහන් කර තිබේ.


