(එෆ්.අස්ලම්)
නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
යුද අපරාධ චෝදනා එල්ල වූ මෙවන් අයකු හට යුද හමුදාපතිධූරය ලබාදීම ගැන කණගාටු වන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
යුද හමුදාපතිව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනනානායකගේ විශ්‍රාම යාමෙන් පසු එම ධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර ඒ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සුමන්තිරන් මහතා මෙම අදහස් පළකර සිටියේය.
මේ පිළිබඳ සුමන්තිරන් මහතා සිය ට්විටර් ගිණුම තුළින් ද අප්‍රසාදය පළකර තිබිණි.

